යාල කැලෙන් ගංජා හේන් හමුවේ

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දෙසැම්බර් 19 වෙනිදා සිට 22 දක්වා දින හතරක් තුළදී යාල වනෝද්‍යානයේ කලාප අංක 06 ප්‍රදේශයේ සිදුකළ වැටලීම් වලදී ගංජාහේන් අටක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.

ගංජාහේන් දෙකක සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති අතර සෙසු ගංජාහේන් හයේ සැකකරුවන් පළාගොස් ඇත.

අක්කර දාහතරක පමණ භූමියක මෙම ගංජා වගාවන් වගාකර තිබී ඇත.

විවිධ උසින් යුත් ගංජාගස් ලක්ෂ දහයක් පමණ ඒවායේ තිබී ඇති අතර ගංජාගස් කපාකොටා පුළුස්සා විනාශකර තිබේ.

ගංජා ගස් වලින් කොටසක් සහ සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත්කිරීමට ගෝනගංආර පොලීසියට භාරදී ඇති අතර සැකකරුවන් දෙදෙනා වලස්මුල්ල සහ මහඔය ප්‍රදේශ වල පදිංචි අවුරුදු 42 සහ 52 යන වියෙහි පසුවන අයවෙති.