රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන බදාදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සූදානම් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි සඳහන් වෙන්නේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, එළඹෙන දින 07ක කාලය තුළ මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් අපේක්‍ෂා කරන බවයි.