බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එන්ජිම එකිනෙක ගැටීමේ සිද්ධියට අදාළව දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන කිරීමට සැලසුම්කර තිබු රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු කිරීමේදී එය වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී ඊයේ (15) පෙරවරුවේ අනතුරක් සිදුව තිබුණා.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයින් තිදෙනෙකුගේ වැඩතහනමට ලක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.