රතු හාල් නැතිවුණේ ගිය ආණ්ඩුව හාල් බෙදපු හින්දලු – ඇමති වසන්ත කියයි

කෝටි 187ක හාල් වංචා චෝදනාව සම්බන්ධයෙන් ඩී.වී. චානක මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විවාදයක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.

එහිදී රතු හාල් නැතිවුණේ ගිය ආණ්ඩුව හාල් බෙදපු හින්දාත්, චානක ගණන් හදපු විදිහ ගැනත් ලොකු ගැටලුවක්ද, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු දුන්නාද, වංචාවක් වුණා නම් ගිහින් පැමිණිල්ලක් දාන ලෙසත් වසන්ත මහතා ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු ලබා දුන්නාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ යුතුව ඇති බවකි.