රාජ්‍ය ඇමතිවරු 4ක් ධුර වලින් ඉවතට

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව විදුලි බල හා බලශක්ති ඉන්දික අනුරුධ, වරාය සහ ගුවන් සේවා ප්‍රේමලාල් ජයසේකර, කෘෂිකර්ම මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර තිබෙනවා.