හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ සැපයුමක් ලබා දිය හැකි වන්නේ 2026 වසරේ සිට බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් වීරසිංහ ප්‍රකාශ කරන්නේ ලබන වසරේදී ද (2025) යම් යම් ගැටලු මත ඖෂධ සැපයීම සිදු කිරීමට සිදුවන බවත් ඊට පසුගිය කාලයේ විවිධ අතපෙවීම් ප්‍රධාන හේතුවක් වී ඇති බවත්ය.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
“බොහෝ දෙනකුට අපි කොවිඩ් සමයක සිටි බව අමතකයි. ඒ කාලය ඉතාම දුෂ්කරයි. ඒ කාලයේ ඖෂධ පිටරටින් ආනයනය කිරීමේදී ගැටලු තිබුණා. ඒ ගැටලුවල කෙළවරවල් අදටත් තියෙනවා. ඒ වගේම දේශපාලන අතපෙවීම් තිබුණා. නඩුකර තිබුණා. ඒ සියල්ලගේම බලපෑම් මේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට, නියාමන ක්‍රියාවලියට සහ සැපයුම් ක්‍රියාවලියට ඍජුවම බලපෑවා. ඒවා තව සුමානයකින් දවසකින් දෙකකින් ඉවත් වෙලා යන්නේ නැහැ. ඒවායේ බලපෑම් තවත් කාලයක් තියේවි. නමුත් 2026 වන විට අඛණ්ඩ ඖෂධ සැපයුමක් ලබා දීමට අවශ්‍ය සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.