වැසි තත්ත්වය යළි වැඩිවීමත් සමග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 73505ක ජල ධාරිතාවක් නිකුත් කෙරෙනවා.
මේ අතර මහකනදරාව ජලාශය වාන් දැමීම ආරම්භ වීමත් සමග වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
එම ජලය මල්වතු ඔයට මුදා හැරෙන බැවින් ඒ ආශ්රිත පහත්බිම්වල සිටින පිරිස් අවධානයෙන් සිටින ලෙසයි දැනුවත් කෙරෙන්නේ.
මේ වන විට මහකනදරාව රඹෑව මාර්ගය ජලයෙන් යටව පවතිනවා.