රාත්රි කාලයේ රථවාහන නැවැත්වීම සඳහා රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරියා රියැදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැලඳ සිටීමටත්, රථවාහන නැවැත්වීම සඳහා මේ වනවිට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කිරීමටත් කටයුතු කරන ලෙස පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පොලිස් නිලධාරීන්ට ඊයේ (26දා) උපදෙස් දී ඇත.
රථවාහන රාජකාරි නිලධාරීන් රාත්රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියැදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇතිවන අපහසුතාව මෙන්ම එමඟින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැලඳ නොසිටීම තුළින් නිලධාරීන් අනතුරට පත්වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇති බව ඒ මහතා කියයි.
රාත්රී රාජකාරි යොදවන නිලධාරීන් එසේ ක්රියාකරන්නේ ද යන්න නිරන්තරවම අධික්ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් දී ඇත.