නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සංවිධාන කර තිබු භෝජන සංග්‍රහයක් ලබාදීම අත්හිටුවීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබු රැස්විමකින් පසු පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක් මෙලෙස අත්හිටුවා ඇත.
එම රැස්විම නුවරඑලිය ප්‍රදේශයේ තොරාගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබු අතර, එම රැස්විමෙන් අනතුරුව රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් සංචාරක හෝටලයේ භෝජනාගාරයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.
මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලකට අනුව නුවරඑළිය සහකාර මැතිවරණ කොමාසරිස්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ හෝටලය වෙත පැමිණ එම භෝජන සංග්‍රහය නොපවත්වන ලෙස සංවිධායකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.