රුපියල් මිලියන එක්ලක්ෂ හැට අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් 2025 ජනවාරි 01 දා පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 43,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 60,000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.
වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 01 දා දහවල් 1100 දක්වා සිදු කෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.
ඒමෙන්ම මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම ජනවාරි 03 දා සිදුකිරීමට නියමිතවද ඇත.