රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවට පැමිණ තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වන අතර පුටින් ජනාධිපතිවරයා වසර 24කට පසුව උතුරු කොරියාවේ සිදුකරන සංචාරය මෙය බවය.
එරටට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව ගුවන්තොටුපොළ පැමිණ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පිළිගෙන තිබේ.
රාජ්ය නායකයන් දෙදෙනා අවසන් වරට පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියාවේදී හමුවූ බව විදෙස් වාර්තා පවසයි.
රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින සබඳතාව පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව අමෙරිකාව පවසා ඇති බව වාර්තා වේ.
ක්රෙම්ලිනය පවසා ඇත්තේ, මිත්රශීලී රාජ්ය සංචාරයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ කිම් ජොන් උන් අතර ආරක්ෂක ගැටලු ඇතුළු හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවය.