ශ්රී ලංකාවට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට ලිහිල් වනු ඇති බවට වාර්තා වේ.
පසුගිය දා පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී වාහන ආනයනකරුවන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එළඹෙන පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.
මේ අතර මෙරට බලයලත් මෝටර් වාහන වෙළෙඳ සමාගම් ද ආනයන ලිහිල් කළ වහාම මෝටර් රථ ආනයනය සඳහා මේ වන විට පෙර ඇණවුම් භාර ගනිමින් සිටී.
එහිදී අදාළ සමාගම් විසින් ආනයනය කිරීමට නියමිත මෝටර් වාහනවල නවතම මිල ගණන් ද අනාවරණය කර තිබේ.
ටොයොටා වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන ටොයොටා ලංකා සමාගම, එලෙස වාහන ආනයන සීමා ලිහිල් කළ සැණින් මෙරටට ගෙන්වීමට නියමිත ටොයොටා මෝටර් වාහන සඳහා මේ වන විට පෙර ඇණවුම් භාර ගැනීම් ආරම්භ කර ඇති අතර ඒවායේ නවතම මිල ගණන් ද අනාවරණය කර තිබේ.
එලෙස පෙර ඇණවුම් භාර ගන්නා වාහනවලට අදාළ මිල ගණන් පහතින් දැක්වේ.
ඒ අනුව, 18% VAT නොමැතිව එහි මිල ගණන් මෙසේ වෙයි.
Wigo – 6.7 Mn
prius – 23 Mn
corolla – 22 Mn
camry – 35 Mn
land cruiser 300 – 94 Mn
land cruiser 250 – 61. 5 Mn
land cruiser 79- 21.3 Mn
ativ – 15.5 Mn
raize – 9.5 Mn
Rav4 – 30.5 Mn
Yaris cross – 17.5 Mn
corolla cross – 28.2 Mn
Rush – 15.3 Mn
Fortuner – 49 Mn
coaster – 16.9 Mn
Hiace – 14.9 Mn
Hiace – 15.3 Mn
Alphard – 57 Mn
Hilux – 15.8 Mn
Hilux – 10.6 Mn
18% VAT ඇතුළත් කළ පසු මිල ගණන් පහත පරිදි වනවා.
Wigo – 79+ lakhs
prius – 271+ lakhs
corolla – 270+ lakhs
camry – 413+ lakhs
land cruiser 300 – 1109+ lakhs
land cruiser 250 – 726+ lakhs
land cruiser 79- 251+ lakhs
ativ – 183+ lakhs
raize – 112+ lakhs
Rav4 – 360+ lakhs
Yaris cross – 207+ lakhs
corolla cross – 333+ lakhs
Rush – 181+ lakhs
Fortuner – 578+ lakhs
coaster – 199+ lakhs
Hiace – 176+ lakhs
Hiace – 181+ lakhs
Alphard – 673+ lakhs
Hilux – 186+ lakhs
Hilux – 125+ lakhs