ලබන ජනවාරයේ සිට චීනයට කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව

කුරුඳු අපනයනයෙන් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මාසයේ සිට චීනයට කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව හිමිව ඇති බවත් ජානක ලින්දර මහතා පවසා ඇත.

එහිදී කුරුඳු අපනයනයෙන් ශ්‍රී ලංකාව වසරකට උපයා ගන්නේ ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් වන අතර එය දෙගුණයක් දක්වා ඉහල දැමීමට පියවර රැසක් ගෙන ඇති බවයි එම මහතා සඳහන් කර ඇත්තේ.

එය ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය නොකර නිමි නිෂ්පාදන වශයෙන් අගය එකතු කරමින් අපනයනය වැඩි කිරීමට සුළු හා මාධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයන්ට ආධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.