ලොව අංක 01 දුනු විදීමේ පුහුණුකරු දිවයිනට

,

2026 තරුණ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහ 2028 ඔලිම්පික් තරගාවලියට , දුනු විදීමේ ඉසව්වෙන් සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සදහා , ලොව අංක එකේ දුනු විදීමේ පුහුණුකරුවෙකු වන දකුණු කොරියානු ජාතික කිම් හියුම් ටක් ( Kim Hyung Tak ) මහතා ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔහු මෙම පුහුණු වැඩසටහන අද 19 දින සිට 23 දින දක්වා ඔලිම්පික් නිවහනේ දී පැවැත්වීමට සැළසුම් කර තිබෙයි.