වත්තල ප්‍රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් විසින් එම ප්‍රදේශයේ පවත්වාගෙන යන ගබඩා පරීක්ෂාවේදී කල් ඉකුත් නොවූ වියළි මිරිස් සමග කල් ඉකුත් වූ වියළි මිරිස් ටොන් හතරකට අධික (4.6) තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සොයාගෙන ඇත.
කල් ඉකුත් නොවූ මිරිස් සමග කල් ඉකුත් වූ මිරිස් තබාගැනීම පාරිභෝගික අධිකාරි පනතට අනුව වරදක් වන බවත් එම වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.
මීට අමතරව කල් ඉකුත් වූ දින ඇතුළු තොරතුරු වෙනස් කරන ලද ආනයනික කඩල, සහල් හා කල් ඉකුත් වූ රටඉඳි ගබඩා කර තිබූ ගබඩා කිහිපයක් ගම්පහ කාර්යාලයේ නිලධාරීන් විසින් වටලා ඇත. ඔවුන් විසින්ම කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩාවක බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය ලීටර් 50ක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් නීතිමය කටයුතු කරන බවත්, මෙවැනි වංචා සිදුකරන පුද්ගලයන් හෝ ගබඩා පිළිබඳ තොරතුරු ඇතොත් ‘1977’ අංකයට තොරතුරු ලබාදෙන ලෙසත් සභාපතිවරයා ඉල්ලා සිටී.