වනඅලි ගම්වැදීම පාලනයට පියවර ගැනේ

වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර , මහවිලච්චිය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා .

මෙම මුර කුටි ඉදිකිරීම ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය මත සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ .

එම ඉදිකිරිම් අවසන් වූ පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුරකුටි වලට යොදවා ගනිමින් වනඅලි ගම් වැදීම පාලනය කිරීමට නියමිතයි .

මෙම වැඩසටහන පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා , මෙම වැඩසටහන සාර්ථක නම් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඉදිරි වර්ෂය තුළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ද පවසා තිබෙනවා .