වාහන ආනයනය ගැන රජයේ තීරණ

ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැහැදිලි කිරීමක් කළේය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැහැදිලි කළේය.

“කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවරස ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍යකරන අතිරේක බෆර්රීසව් හදලා තියෙනවා. ඒ සීමාවට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත ඒ අවස්ථාව ලබාදෙන්නේ පළවෙනි අදියරයේදී.

අවස්ථා තුනකදී තමයි මේ අවස්ථාවන් ටික ලැබෙන්නේ. මොකද ක්‍රමිකව මේ ස්ථායිකරන වැඩසටහනට අනුගාමිව මේක යන්නට ඕනේ. සංචිත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකට දැන් හැදිලා තියෙනවා ඩොලර් බිලියන 6.4ක්. ඒ නිසා එකවර මේක අතහැරලා ස්ථාවරභාවය කඩා බිඳ දමන්න නැහැ. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනවා.”