විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය වසරට සාපේක්ෂව 8.7% කින් වැඩිවී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කරන්නේ, ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1,536. 1 ක් ලැබී ඇති බවයි.

2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,432. 2 ක්.

මේ අතර ගතවූ වසරට සාපේක්ෂව සංචාරක පැමිණීම් සංඛ්‍යාවද 89.4% කින් වැඩිවී තිබෙනවා.

එමගින් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025. 9 ක් බව මහ බැංකුව නිකුත් කළ වාර්තාවෙහි දැක්වෙනවා.