විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක් – කැරලි මර්ධන කැදවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරු දැරියන්ගේ දෙමව්පියන් විසින් මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා.

විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට ද ඔවුන් විරෝධය පළ කරයි.

විරෝධතාවය පාලනය කිරීම සඳහා මේ වන විටත් එම ස්ථානයට පොලිසිය හා කැරළි මර්දන ඒකක කැඳවා තිබේ.