
ආසියානු පාපන්දු කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සමත් විය.
ඒ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවන වටය යටතේ පැවති තරගයකදී කාම්බෝජය පරාජයට පත්කරමිනි.
මෙහිදී ශ්‍රී ලංකාව සිය මුල් දඩුවම් පහර අවස්ථා 4ම සාර්ථක කර ගැනීමට සමත් වූ අතර කාම්බෝජයට දඬුවම් පහර අවස්ථාවේදි සාර්ථක කර ගත්තේ අවස්ථා 2ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබිමේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.