ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අප්‍රිකානු සංචාරයකට

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු සංචාරකට එක්වීමට නියමිත වනවා.

ඒ අනුව අයි.සී.සී කාන්තා එක්දින ශූරතාවලියට අදාළව මෙහිදී එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුලත්ව තිබෙනවා.

එහිදී විස්සයි විස්ස තරඟාවලිය මාර්තු 27 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා සහ එක්දින තරගාවලිය අප්‍රේල් 9 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා