ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත් වේ.

තරගය පෙරවරු 9.30ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතය.

මේ වන විට තරග 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම ජයගෙන සිටී.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට අද තරගය අහිමි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය. ඒ දෙවන එක්දින තරගය අතරතුර දී ඔහු පාදයේ ඇති වු ආබාධයක් හේතුවෙනි.

මේ අතර බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන්ට ද අද තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැැයිවාර්තා වන්නේ. ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙනි.

බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් දාස් ද අද සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ජාකර් අලී කැඳවා තිබෙනවා.