සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද (29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස පවසයි.

ඒ අනුව, සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බවයි, එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව, අදියර කිහිපයක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර ඇත.