සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක්

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළ තීරය ආසන්නයේ සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතරේ 6 හැවිරිදි දරුවෙක් ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා, පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් මියගියේය. පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.