සීතා රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ, අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඇය දිවුරුම් දුන්නාය.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.