නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (26) වැනිදා පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (27) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව සඳහන්.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරයි.
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.
ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය විය හැකි බවයි සඳහන් වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
උතුරු, උතුරුමැද , මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං පවතියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.