දිවයිනේ උතුරු මැද ඇතුළු පළාත් කිහිපයකට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තිරප්පනේ ප්රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.
ඊයේ (14) දවස පුරා එම ප්රදේශයට ඇදහැලුණු වර්ෂාවෙන් තිරප්පනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහළ අඹතලේ ප්රදේශයේ නිවාස කිහිපයක් මෙලෙස යට වී ඇති බවයි වාර්තා වූයේ.
නිවාස තුළ ජලය පිරී තිබීම හේතුවෙන් එම නිවෙස්වල තිබු දේපොළ ද විනාශ වී ඇති බවත් දසත ප්රාදේශීය වාර්තාකරු පැවසුවා.
එමෙන්ම මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුදබිමට ගමන් කරන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු නවතා තිබෙනවා.
එම පුදබිමට පැමිණෙන බැතිමතුන්ව ට්රැක්ටර් රථ යොදාගනිමින් විහාරය වෙත රැගෙන එන බවයි වාර්තා වන්නේ.
සුංගාවිල – සෝමාවතිය මාර්ගය මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා.