හානියට පත් පාලම් වෙනුවට නව තාවකාලික පාලම්

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මාර්ග රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම්. සූරියබණ්ඩාර මහතා පවසා ඇත.

තවදුරටත් සඳහන් කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ කොළඹ – රත්නපුර – වැල්ලවාය – මඩකලපුව මාර්ගය 375/5 සහ මනම්පිටිය අරලංගන්විල මාර්ගයේ හානියට පත් පාලම් වෙනුවට තාවකාලික පාලම් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම 19/1 පාලම මාර්ගය ඔස්සේ කඩා වැටීම හේතුවෙන් මනම්පිටිය – අරලංගන්විල මාර්ගය ගමනාගමනය සඳහා වසා දමා අතර ඒ වෙනුවෙන් තාවකාලික වානේ පාලමක් ඉදිකිරීම ආරම්භ කර ඇති බව ද එහිදී සඳහන් කළේය.