හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 92 වැනි වියේ පසුවුණා.
2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.