ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ඉකුත් මාස එකොළහේදී මහජන මුදලින් රුපියල් මිලියන 1488ක වැය බරක් දරා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පවසා ඇත.
“දේශපාලකයන්ගේ කටයුතු වලට මහජන මුදල් අසීමිත ලෙස වියදම් කිරීම මහජන අප්‍රසාදයට හේතු වුණා. ඒ නිසා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අප කටයුතු කළා. හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම ගැන ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා. ජනපති හිමිකම් පනත අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන ලෙස කියා තිබෙනවා.කොපමණ ආරක්ෂාවක් දිය යුතු යැයි එයින් කියා නැහැ.ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කියන්නේ මොන පදනම මතද? අප කිසිවිටක මතුපිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ ගන්නේ නැහැ. හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන පිළිබඳ සැලකීමට ලක් කොට ආරක්ෂාව දෙන ලෙස චිත්රසිරි කමිටුව විසින්ද දැනුම් දී තිබෙනවා. මෙය හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව නිසි ඇගයීමකින් පසු අතිරික්ත පිරිස ඉවත් කිරීමයි. මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන කළ දෙයක් නොවේ. පොලිසියේ 60ක් හා ත්‍රිවිධ හමුදාවේ 228ක් මහින්ද රාජපක්ෂ මහතාට සිටිනවා.”