හින්දු මර්දනයට එරෙහිව බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදීත් සාකච්ඡා

එක්සත් රාජධානියේ හැරෝ ඊස්ට් හි කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බොබ් බබ්ලැක්මන්, බංග්ලාදේශයේ හින්දුවරුන්ට එරෙහි ප්‍රහාර හෙළා දැක තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශ මහාධිකරණය විසින් ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමය තහනම් කිරීමට ගත් උත්සාහය පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කර තිබුණා.

“අද, මම බංග්ලාදේශයේ හින්දුවරුන්ට එරෙහි ප්‍රහාර සහ වි මෝයි ක්‍රිෂ්ණා දාස් සිරගත කිරීම හෙළා දකිනවා. ඔවුන්ගේ මහාධිකරණයේදී ISKCON රටෙන් තහනම් කළ යුතු බවට තීන්දුවක් දීමට උත්සාහ කිරීම ගැනද මම කනස් සල්ලට පත්ව සිටිනවා. ආගමික නිදහස ගෝලීය වශයෙන් ආරක්ෂා විය යුතුයි. ” යනුවෙන් පාර්ලිමේන්තුවේ කළ කතාවේ වීඩියෝවක් ඔහු විසින් බෙදාගෙන ද ඇත.

මෙම තත්ත්වය පිළිබඳව ගෝලීය අවධානය යොමු කිරීම සඳහා සභාව තුළ වාචික ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහු විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙන් ඉල්ලා තිබෙනවා.