උල්කාපාත වර්ෂාවක දර්ශනීය උච්චතම අවස්ථාව දැක බලා ගැනීමට හෙට (14 වැනිදා) ශ්‍රී ලංකාවාසීන්ට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස නම් කර ඇති මෙය වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකේ.
මෙහි උච්චතම අවස්ථාව (14 වැනිදා) රාත්‍රී 9න් පසුව උතුරු නැගෙනහිර අහසේ සිදු වන බවත් උච්චතම අවස්ථාවේදී පැයකට උල්කාපාත 120ක් පමණ දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.
පෘතුවිය 3200 Phaethon ග්‍රාහකයේ සුන්බුන් හරහා ගමන් කරන විට එම කොටස් අපගේ වායුගෝලය සමඟ ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත ඇතිවන බවත් උල්කාපාත මිතුන තාරකා රාශියේ සිට ගමන් ගන්නා සේ දිස්වන අතර 14 වැනිදා රාත්‍රි 9න් පසු උතුරු නැගෙනහිර අහසේ මිතුන තාරකා රාශිය දෙස බැලීමෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. තවද 14 වැනිදා පූර්ණ චන්ද්‍රයාගේ ආලෝකය නිසා මෙම උල්කාපාත වර්ෂාවේ දර්ශනය යම් පමණක සීමා විය හැකි බවත් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.