16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරපු ඔස්ට්‍රේලියාව

සමාජ මාධ්‍ය භාවිතයේ ඇති අයහපත් කරුණු සලකමින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.

මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය බවට පත්වී ඇත.

කෙසේ නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීමට වසරක පමණ කාලයක් ගතවනු අති අතර අදාළ යෝජනාව ඊයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වී ඊට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණි.

එම නීතිය කඩකර වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍යට පිවිසීමේ අවස්ථාව ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක උපරිම දඩයක් පැනවීමේ අවස්ථාවත් එම නීතිය මගින් පනවා තිබෙයි.