18න් පහළ බාලිකා ශූරතාවයක් මෙරටට

මැලේසියාවේ පීනෑං නගරයේ පිහිටි වෛද්‍ය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති 47 වැනි “පෙස්ටා යූ. එස්. එම්. ජාත්‍යන්තර වයස් සීමා හොකී තරගාවලියේ දී අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සමත් විය.

තීරණාත්මක අවසාන තරගය සහ අවසන් පූර්ව තරගය දඬුවම් විඳීම් ආශ්‍රිතව ජය ගැනීමට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් සමත් වීම ඉහළ අගයක් ගත්තේය.

එම තරග ද්විත්වයම ජය පරාජයෙන් තොරව නිමාවට පත් වීම හේතුවෙන් ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම උදෙසා දඬුවම් විඳීම් උපයෝගී කර ගැනීමට සංවිධායකයන් හට සිදු විය.