සහල් සහ ලොකු ළුෑණු බද්ධ අඩු වූ හැටි මෙන්න

ඊයේ (27) සිට ආනයනික සහල් සහ ලොකු ළූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා රුපියලක් දක්වා ද, ආනයනික ලොකු ළූණු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් මස 30 දක්වා රුපියල් 10 ක් දක්වා ද, අඩු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ, එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට සහල් සහ ලූණු මිලදී ගැනීමේ අවස්ථාව දීමට සහ එම ඵම භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොල තුළ පවත්වා ගැනීම මෙම බදු අඩු කිරීම තුළින් බලාපොරොත්තු වන බවයි.