රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ලබා දී වසරකට ආසන්න වුවද මේ සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ක්‍රියා නොකිරීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් 250කට ආසන්න පිරිසක් රාජ්‍ය සෞඛ්‍ය සේවයෙන් ඉවත්වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගිය රජය සමයේදී නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් අභියාචනාධිකරණය හමුවට ගිය අතර එහිදී ලද තීන්දුවට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට අභයාචනාධිකරණයෙන් නියෝගයක් ලැබුණේ 2023 වසරේ දෙසැම්බර් මාසයේදීය.
මෙම තීරණය මේ වනවිට නීතිපතිවරයා විසින් ද පිළිගනු ලැබ ඇති අතර මේ බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රාජ්‍ය පරිපාලන අමත්‍යාංශයට දන්වා යැවීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදාළ තීන්දුවට අනුව චක්‍රලේඛයක් නිකුත් කර තිබුණද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අදාළ තීන්දුව ක්‍රියාත්මක කරන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රෙල්ඛයක් මගින් දන්වා නොතිබීම හේතුවෙන් රජයේ රෝහල්වල පරිපාලනයට සම්බන්ධ ගණකාධිකාරිවරුන් සහ පරිපාලන නිලධාරීන් මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ත් මේ තත්ත්වය මත ලබන දෙසැම්බර් 31 වන දාට වයස අවුරුදු 60 සම්පූර්ණ වන වෛද්‍යවරුන්ට මේ වනවිට තවදුරට ත් සේවය කළ හැකි ද නැති ද යන ගැටලුවට මුහුණ දීමට සිදුව තිබෙන බව ත් මේ සම්බන්ධයෙන් ඔවුන් අමාත්‍යාංශයෙන් විමසමින් සිටින බව එම ආරංචි මාර්ග තවදුරට ත් සඳහන් කළේ ය.