ඉරානය සහ පාකිස්තානය අතර හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය එම රටවල් දෙකට පමණක් අදාළ ගැටළුවක් බව ඉන්දියාව පවසනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ඔවුන්නොවුන් එම ප්‍රහාර එල්ල කිරීම සිදුකර ඇති බවයි සඳහන් කරන්නේ.
ඉරානය විසින් පසුගියදා පාකිස්ථානයේ බලොකිස්ථාන් ප්‍රදේශයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී ළමුන් දෙදෙනෙකු මියගිය බවට පාකිස්තානය චෝදනා කර තිබුණි.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ප්‍රහාරයෙන් දින දෙකකට පසු පාකිස්තානය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් 7 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.
කෙසේවෙතත් මෙම ප්‍රහාර අදාළ රටවල් දෙක අතර පවතින ගැටළුවක් බව පෙන්වාදී ඇති ඉන්දියාව, පවතින තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන බව ද සඳහන් කර තිබෙනවා.