පෙබරවාරි 4 කළු දිනයක් වෙයි

පෙබරවාරි මස 04 වනදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ඒ තුළින් දෙමළ ඊළාම් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කවුන්සිලය විසින් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ආරම්භ වන විරෝධතා පා ගමන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දක්වා ගමන් කරනු ඇති වාර්තා වන්නේ.

ඒ අනුව දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය සහ වට්ටුකෝට්ටෛ යෝජනාව පිළිගන්නා ලෙසටයි එහි දී විරෝධතාකරුවන් ඉල්ලා සිටින අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ශ්‍රී ලංකා එක්සත් කිරීමේ දී දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය නොසලකා හැර ඇති බව ඔවුන් චෝදනා කරනවා.

ඒ හේතුවෙන් දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන දෙමළ ජනතාව ජන සංහාරයකට ලක් වූ බවයි එම කවුන්සිලය පෙන්වා දෙන්නේ.

යුක්තිය ප්‍රමාද වීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් වනවා.

යුක්තිය සහ වගවීම ඉටුවිය යුතු විශේෂ ජාතිකයක් ලෙස දෙමළ ජනයා පිළිගැනීමට ජාත්‍යන්තරව සහයෝගීතාව අපේක්ෂා කරන බවයි දෙමළ ඊළාම් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කවුන්සිලය අවධාරණය කර ඇත්තේ.

එමෙන්ම දේශපාලන විසඳුමකට ආමන්ත්‍රණය කරමින් අපගේ අභිප්‍රාය වෙනුවෙන් හඬක් නඟන ලෙස ඔවුන් තෙවන චාල්ස් රජුන්ගෙන් සහ ගෝලීය නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.