මගියෙක් ගුවන් සේවිකාවකගේ අත සපා කයි

ජපානයේ සිට අමෙරිකාව දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙක් ගුවන් සේවිකාවකගේ අත සපාකෑම හේතුවෙන් එම ගුවන් යානය නැවත ටෝකියෝ ගුවන් තොටුපොළට පැමිණ ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු ජාතිකයෙක් වන 55 හැවිරිදි එම ගුවන් මගියා හොඳටම වෙරි වී සිටි බවත් සඳහන් ය.

එම පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ තමා නිදි පෙත්තක් ගත් බවත් සිදුවූ කිසිවක් තමාට මතක නැති බවත් ය.

උඩු ගුවනේදී එම මගියා කලහකාරී ලෙස හැසිරී තිබුණි.