වේල්සයේ කුමරිය වන කේට් ආදිපාදවරිය හදිසි සැත්කමකට බඳුන් වී තිබෙනවා.
ඒ, හඳුනා නොගත් නමුත් පිළිකාවක් නොවන උදරගත රෝගී තත්ත්වයක් හේතුවෙනි.
මේ අනුව තවත් මාසයක පමණ කාලයක් ඇය රාජකීය රාජකාරිවලින් ඉවත් ව සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද ලබන සතියේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නියමිත ව සිටින බව රාජකීය පවුල අනාවරණ කර තිබෙනවා.
පුරස්ථ ග්‍රන්ථියට සම්බන්ධ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන රජු ද කෙටි කාලයක් රාජකාරිවලින් බැහැර ව සිටින බවයි වාර්තා වන්නේ.