ලංකා T10 ලීග් තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයෙකු, ශ්රී ලංකා ක්රීඩා පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ගෝල් මාවල්ස් ‘Galle Marvels’ කණ්ඩායමේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (13) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
ලංකා T10 සුපර් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා විසින් යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් මෙරට ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබෙයි.
ඒ අනුව, පෙරේදා එම ඒකකයේ කණ්ඩායමක් පල්ලේකැලේ ප්රදේශයට ගොස් තිබුණි.
පසුව අදාළ සැකකාර ඉන්දීය ජාතිකයා සිය භාරයට ගෙන ප්රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.
පළමු වන ලංකා T10 තරඟාවලියේ අඛණ්ඩතාව පිළිබඳ ගැටළු මතුකර ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වයි.
පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බැවින්, වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය කර නොමැත.