IMF සහ රජය අතර සාකච්ඡා අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේ ද යන්න එහිදී සාකච්ඡා කරන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා.