
දඹුල්ල කණ්ඩායම සඳහා තීරණාත්මක තරඟයක් වූ Colombo Strikers සහ Dambulla Sixers අතර තරඟය කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද(16) රාත්‍රීයේ පැවැත්වුනා.
කාසියේ වාසිය දිනූ Colombo Strikers නායක තිසර පෙරේරා මුලින්ම පන්දුවට පහර දීම සඳහා Dambulla Sixers කණ්ඩායමට ආරාධනා කල අතර, Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 123ක් රැස් කරනු ලැබුවා.ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹා යාමට පැමිණි Colombo Strikers කණ්ඩායමේ මුල් කඩුළු 04 ලකුණු 31ක් තුළ දවා ගනිමින් Dambulla Sixers කණ්ඩායම ලබා ගත් ප්‍රභල ආරම්භයත් සමඟ ලකුණු 28ක ජයක් අත්කරගත් නමුත් තරඟාවලියෙහි තව දුරටත් රැඳීමට අවශ්‍ය වූ දළ ලකුණු වේගය ආරක්ෂා කරගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ට අවාසනාවන්ත ලෙස Lanka Premier League 2024 තරඟාවලියේ මූලික වටයේ තරඟයන්ගෙන්ම ඉවත්ව යාමට සිදු විය. Colombo Strikers කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 18.1කදී ලකුණු 95ක් පමණි.
Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් නායක තිසර පෙරේරා පන්දු 31කින් ලකුණු 30ක් රැස් කල අතර බිනුර ප්‍රනාන්දු තම පන්දුවාර 04 තුළ ලකුණු 15 කට කඩුළු 03ක් බිඳ හෙලීමට සමත් විය. Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩුළු 03ක් බිඳ හෙලීමට සමත් විය. Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් නායක මොහොමඩ් නබී පන්දු 33ක් තුළ ලකුණු 40ක් ලබාගත් අතර තරඟාවලිය පුරා මෙතෙක් කැපී පෙනුන ක්‍රීඩකයෙක් වන චමිඳු වික්‍රමසිංහ පන්දු 29කදී ලකුණු 26ක් ලබාගෙන බිඳ වැටුන ඉනිම ශක්තිමත් කරන ලදි.