Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය මෙරටට

‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිව ඇත.

එම පැකේජ Residential (Fixed), Residential Lite (Fixed), Priority (Fixed), Roam (Mobility), Mobile Priority (Mobility) ලෙස හඳුන්වා දී තිබේ.

මෙම පැකේජ සියල්ලම Prepaid පැකේජයන් ලෙස දැක්වෙයි.

එමෙන්ම මෙම සියළුම මිල ගණන් අදාල බදු අන්තර්ගත මිල ගණන් ලෙසින් එහි දැක්වෙයි.

එම පැකේජ පිළිබඳව වැඩිදුර තොරතුරු පත්‍රිකාව