වටස් ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී සිදු කරන මූල්‍ය වංචා පිළිබ වඳව ලැබෙන පැමිණිලි ඉහළ යාම හේතුවෙන් තම දුරකතන අංකවලට ලැබෙන කිසිඳු සත්‍යාපන කේතයක් තෙවන පාර්ශවයකට ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණු පොළ පැවසුවේ, හැකර්වරුන් වටස් ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී පරිශීලකයන්ගේ ගිණුම් අධීක්ෂණය කරන අතර ගිණුම් හැක් කිරීමෙන් පසු හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස දුරකථන අංකවලට හදිසි පණිවිඩ යවන බවයි.
ඒ අනුව ආගමික වැඩසටහන්, ත්‍යාග දිනා ගැනීම් හෝ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වීමේ වැනි අවස්ථාවන් සඳහන් කරමින් මොවුන් විසින් දුරකතන අංකය වෙත ලැබී ඇති රහස් කේතයක් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.
අදාළ පුද්ගලයා එම කේතය ලබා දීම හරහා හැකර්කරුවන්ට ඔවුන්ගේ වට්ස් ඇප් ගිණුම පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව දුරකථනයට ලැබෙන කේතය හැක කරුවන්ට ලබා දීමෙන් පසු, ඔවුන් විසින් තමාගේ වටස් ඇප් ගිණුම පාලනය කරමින්, ගිණුමේ සම්බන්ධිත අංක වලට විවිධාකාරයේ ගැටලු සඳහන් කරමින් මුදල් ඉල්ලා හදිසි පණිවිඩ යැවීම සිදු කරනවා.
කෙසේ වෙතත් එවැනි පණිවිඩයක් ලැබුණහොත්, මුලින්ම එම ගිණුම අයිතිකරු අමතා තොරතුරු සත්‍ය දැයි තහවුරු කරගත යුතු බවත් වටට්ස් ඇප් ගිණුමක් හැක වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.