
යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය.
ඒ ප්‍රංශය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.
මෙම තරගයේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩාකළ ලෙමීන් යමාල් එම කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කළේය.
තවමත් වයස අවුරුදු 16යි දින 362ක් වන යමාල් යුරෝපීය කුසලාන තරගයකදී ගෝලයක් වාර්තාකළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.