අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනිගැනීමට ලක්ව තිබිණි. ඒ හේතුවෙන් එම පිවිසුම තාවකාලිකව වසා දමා වාහනය ඉවත් කර නැවත වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් මෙලෙස අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි කොට්ටාව අන්තර් හුවමාරු පාලක මධ්‍යස්ථානය කියයි.
එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.