ඉදිරියේ දී විවාහ වෙන අයට රජයෙන් නිවසක්

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවක සඳහන් ඇත.

නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් මෙහිදී ප්‍රකාශ කළේය.

මේ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.