ඉන්දිය සිනමාවට මතකයන් රැසක් එක් කළ ප්‍රතිවීරයා දිවිගමනට සමුදෙයි

, ,

ඉන්දිය සිනමාවේ සුවිශේෂ ප්‍රතිවීර චරිත නිරූපණය කළ ඩැනියල් බාලාජී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යනවිට 48 හැවිරිදි වියෙහි පසූ බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොට්ටිවාක්කම් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්.

ඩැනිල් බලාජී සිට රංගන වෘත්තීය ආරම්භ කරනු ලැබුවේ චිත්ති නමැති ටෙලි නාට්‍යය හරහායි.

ඉන් අනතුරුව දෙමළ, මලයාලම්, තෙළිගු සහ කණ්නඩ චිත්‍රපට 40කට පමණ ඔහු සිය රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.

කාක්ක කාක්ක, පොල්ලාදවන්, වේටටයියාඩු විලයාඩු, වඩ චෙන්නෙයි, බිගිල්, බයිරවා ඇතුළු චිත්‍රපටි රැසකට ඔහු ලබා දුන් දායකත්වය අසීමිතයි.

ඩැනියල් බාලාජීගේ අවසන් කටයුතු අද (30) සිදු කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.