ඉන්දි­යා­වෙන් සහල් ගෙන්වන කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ

රටේ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැව­සීය.

කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති මාධ්‍ය හමු­ව­කදී ඊයේ (22) ඒ මහතා මේ බව පැව­සු­වේය. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ ඇමැ­ති­ව­රයා කියා සිටියේ, කෘෂි­කර්ම හා වෙළෙඳ අමා­ත්‍යාංශ ඒකා­බද්ධ පත්‍රි­කා­වක් ලෙස මෙම පත්‍රි­කාව ඉදි­රි­පත් කරන බවත් මේ යටතේ නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් පළමු අදි­යර යටතේ ආන­ය­නය කරන බවයි.

උත්සව සමයේ පාරි­භෝ­ගි­ක­යන්ට හිඟ­ය­කින් තොරව සහල් සැප­යීමේ අර­මු­ණෙන් මේ පිය­වර ගත් බවද හෙතෙම පැව­සීය.

වෙළෙ­ඳ­පොළේ සහල් හිඟ­යක් මෙන්ම මිල පිළි­බඳ ප්‍රශ්න­යක්ද පව­තින බවත් කී ඇමැ­ති­ව­රයා, පසු­ගිය කාලයේ නාඩු සහල් නිෂ්පා­ද­නය අවශ්‍ය ප්‍රමා­ණ­යට සිදු වුවත් ඒවා වෙළෙ­ඳ­පො­ළට පැමිණ නැති බවද කියා සිටි­යේය.

මේ තත්ත්වය හේතු­වෙන් අනි­වා­ර්යයෙන් පිට­ර­ටින් සහල් ගෙන ඒමට සිදු වන බවත් ඒ අනුව ඉන්දි­යා­වෙන් මේ නාඩු සහල් ප්‍රමා­ණය ගෙන්වී­මට බලා­පො­රොත්තු වන බවත් ඇමැ­ති­ව­රයා කීවේය.